Sunday 26 August 2018

සද්ද කොරන්ට එපා, ආං අතන



සිදාදියේ මහත්තැන්ලාට නෝනාලාට ගමේ විත්ති අල්ලල ගෙහුං වාගේ.
වෙලාවකට මං මේ කොරන්නේ වරදක්ද කියලත් හිතෙන්නේ නැතුවාම නෙවෙයි. ඒ මොකෑ බං මං මේ ඇදබාන සබ්බ සකල මනාවම ඇත්ත නිසාවෙනි. නං ගං සියල්ල ඇත්ත එව්වා. රසව්ංදනේට වාග් ස්වරයෙං ලුණු ඇබුල් දැම්මාට කතාව හෙණගහණ ඇත්තය. ගමේ එකාල දුප්පත් නූගත් මෝඩයෝය. ඒත් ඒ එවුන්ගේ අසරණ කමය. ඒ අසරණ කං මෝඩකම් රෙද්ද කැඩුවා වාගේ මෙහෙම ලියන එක අන්තිම වැරැද්දක් බව මට නිකමට වාගේ ඒත්තු වී ඇත. කවදා හෝ මගෙ ගමේ එකෙක් මෙව්වා කියවලා අදාල පුද්ගලයන් ගේ කණේ තියව්වොත් මට ආයේ උන්ගේ මූණ බලන්ට බැරි වෙනවා සත්තයි. වෙච්චි සිද්දිය ඒ විදියටම පතබෑවේ නැත්නම් ඒකෙ මෙලෝ රහක් නැති බව මගේ අදහසයි. කෝක වෙතත් අදිං පස්සේ ලියන කියන එව්වායේ නං ගං ඩින්ගක් එහාට මෙහාට කොරගෙන ලියන්ට වෙනවාය. කටුස්සා කියන අගේ ඇති මිනිහා මාව මේ මකබාවට සැට් කොලාට, මමත් ඔල්මාද කාරයා වාගෙ ලිව්වාට,ලියන කියන එව්වාටත්, මහ ලොකු සමාජ පරිකල්පන මෙව්වා එකකුත් නැති මට අගේ ඇති අදහසක් කියවන බලන ඔබතුමන්ලාගෙන් මේ ලියමනෙං පස්සේ බලාපොරොත්තු වෙම්.

මේ කියන්ට තෙපර බෑවේ හූණා ගැනය. මේකගෙ ඇත්ත නම සමන් කියමුකො. මේක මගේ වයසේමය. එකේ කැලෑසියෙ ඉදලා තුනේ කැලෑසිය වෙනකල් හිටියා මතකය. මේක හරි කෙට්ටු එකා. හරියට සොමාලියං කාරයෙක් වගේ. ඒ මදිවාට කොටය. ඇතමෙක් මේකාට බුට්ටා කියව්වත් විලිකුණ් ගස්ලබ්බ වගෙ මූණේ ජිල් බෝල වාගේ ඇස් තිබිච්ච හන්දාම හූණා කියා මේකාට රැජිස්ටාර් උනාය. හතරදෙනෙකුගෙ පව්ලෙ මේක කුලුදුල් දරුවා විය. මුගෙ මහ උන්දෑ කොලේ මාලු විකුණන එකය. ඒ හම්බුකොරගෙන එන එකෙං පවුලක් ජීවත් කොරන එකයි පොඩි එවුන් ඉස්කෝල යවන එකයි කොරන්ට මහ අමාරු වැඩක් විය. ඇරත් හූණා උපං ගෙයි මෝඩයාය. තුනේ කැලෑසියෙදි මං පංතියේ පළවෙනි තැන ගත්තායින් පස්සේ වෙනම පංතියකට දැම්මාය. ඒකේ උන්නේ ප්‍රස්න පත්තර උඩ බඩවැල් කපාපු එව්වෝය. මං පලවෙනි එන්ට හේතුව පංතියේ අනික් එවුන් ගොං ලබ්බෝ නිසා මිස වෙන කෙහෙල්මලකට නොවන බව නිච්චියට ආවේ අලුත් පංතියේ එවුන් එක්කලා පෑහෙන්ට දැගලූ විටදීය.

කෝමෙං කෝම හරි හූණා අකුරු කිරිල්ල මග නැවැත්තුවා මතකය. ඒ වෙනකොට මං ඉංගිරිස් සාහිත්‍යය පංතියේය. එව්වා මට නං ජෝන්ට ලතිං වගේය. හූණා ඉස්කෝලේ යාම නවත්තලා ටේලර් සාප්පුවේ වසංතයා ලගට හේත්තු විය. වසංතයා සූස්ති කාරයාය. මෙකා මැරිලා ගියේ ස්නායු පද්දතිය අකර්මණ්‍ය ද මොකද්ද වෙලා මොලේ නහර වැල් වේලිලා සෑහෙන දොහක් ඔත්පොළ ඉදලා අපා දුක් විදලාය. ඒකෙං මේකෙං වසංතයා හූණාටත් සූස්තිය පුරුදු කොරලාය. මැසිමේ වැඩ වසංතයා කොරපු අතර හූණා කොලේ කාසා කැපීම,බොත්තං ඇල්ලීම, ඉස්තිරික් කෙරිල්ල වගේ ගොඩ වැඩය. එව්වාගෙං හම්බුකොරන සොච්චමටත් මේක ගංජා බිව්වේය. ඔය අස්සේ කුඹුරු වැඩ කාලෙට මේකා නිදං විදානේ මාමයෙ මාට්ටරේ වැඩට ගියාය. (නිදං විදානේ මාමයෙ කතාව පස්සේ) වෙල් වැඩ කාලෙට හූණා යන්නේ පොලවට අගලක් පමණ උඩින්. අර මක්කැයි මේකට අත මිට ඒ කාලෙට හෙදට සරුය. ඒ වායෙම රැයක් දවාලක් නැතුව බාරගත්තු වැඩේ මේකා හරියටම කොරලා දුන්නාය. ගමේ එකාලත් හූණා අල්ලන්ට බැරිම වෙච්ව තැන වෙන එකෙකුට දුන්නා මිස කුඹුරු මඩවා ගත්තේ හාගත්තේ හූණාට කියලාමය. අනික මේකාට නැස්ටමෝල් කිරි එකක් හදලා උණුවතුර බෝතලේට දාලා දුන්නාම දවසම ගංජා බිබී ඒකෙං ටිකක් බිබී හෑවා මැඩෙව්වාය. ගමේ එකාලා එහෙම කොරලා තමන්ගේ වැඩක් පොලක් බලා ගත්තාය. මොකෑ හූණා අගේට හාල කොරල වක්කඩත් බැදලා දාලා ගිය හංදාය.

ඔය වාගේ හිටගෙන පුක හෝදන්ට පුලුවං තරමට වැහැලා වැව් අමුණු ටිං ගාන්ට පිරිච්ච වංගියක, මගෙ නිච්චියෙ හැටියට දැනට අට අවුරුද්දකට විතර කලියෙං හූණා පුරුදු විදියටම විදානේ උන්දගේ මාට්ටරේ වෙලට දැම්මාය. ගමේ එකාලත් හූණාගේ පස්සේ වැටිලාය.

"අනේ පුතේ මයෙ ඩිංගත් ඔය එක්කම අල්ලල දියං".

ඩිංග කිව්වාට ගමේ එකාලට ඩිංගවල් තිබ්බෙ නැතුවාය. එකාට අක්කර බාගෙට එහාය. ඊට අඩුවෙං තිබ්බනං බින්න බැහැපු එකෙකුටය. අක්කර බාගයක් හාන්ට මට නං හෝරා දෙකක් දෙක හමාරක් ගත වෙනවාමය. හාන්ට පස්චාත් උපාධිය හිමි හූණා එක හමාරෙං දෙකෙං අහවර කොලාය. ඒ හංදා හූණා දවසකට වැඩියෙං වැඩ බාර ගත්තාය. එහෙව් අස්සේ ගමේ ගැටව් ටික ගමට ජහුටා කාණ්ඩයක් ඇන්න ඇව්දින්. ගමේ එකාලා ජහුටා කියැවුවේ සල්පිල් බදුන් වෙන්දේසිය,ආදුනික ගීතප්‍රසංගය හා දෙබස් කතන මුද්‍රා ගීතනාට්‍ය සංදර්සන මාලාවකටය. ( ජහුටා ගැන වැඩියෙං විස්තර පස්සට) එදා වෙල් වැඩ වල අවසාන දොහ හංදා ඔක්කෝම ඉවරයක් කොරලාම ගොඩවෙලා ජහුටා බලන්නට යන අදහසිං හූණා බිං කරුවල වැටෙනකං හෑවාය. කෝක වෙතත් රෑ අට විතර වෙනකොට ජහුටා පටං ගත්තා. ජහුටා පොලේ එනෞස්මන් එක ඇහෙනකොට හූණා මාට්ටරේ වෙලෙං ගොඩ දැම්මා විතරය. ජහුටා පොලට විගහිං යන්ට උවමනා වෙච්ච හූණා මාට්ටරේ හෝදන්නේ නැතුවම විදානේ උන්දෑගේ අගුව අස්සේ නතර කොලාය.
"කොයි අඩේ මේක හෝදලා නෑ නෙවැ"
විදානේ උන්දෑ බක බක ගාන්ට පටං ගන්ට හදනකොටම හූණා හාපු සල්ලි ගනං හිලව් බේරා උන්දෑ ගේ අතේ තිබ්බාය. සල්ලි දැකපු විදානේ උන්දෑ ඩින්ගක් හීතල උනාය.
"මං දන්නව, තෝ ඔය ජහුට බලන්ට යන්ට නෙවැ සූජානම. හෙට උදෑනැක්කෙම හෝදන්ට ඕනෑ මේක"

ඒ කියනකොටත් හූණා බයිස්කල් එකේ ගොඩවෙලා දෙවට පීරාගෙන පැද්දේය. එහෙව් කොරලා නා කියගෙන සල්ලි ටිකත් සාක්කුවේ ඔබාගෙන මේකා නතර උනේ ජහුටා පොලේය.

ජහුටා පොලේදී හොදටම ගමේ බඩු වලිං සප්පයම් වෙච්ච හූණා ඇගේ හිරි කැඩෙනකං නැටුවාය. ඒ කොරලා නාට්ටියත් බලලා වෙරි බහින ජාමෙට ගෙදර ගෙහුං බුදි උනාය. කොයි තරං පහුවෙන්ට බුදියෑවත් හූණා උදෑනැක්කෙම අවදි උනාය. ඒ ඇහැරිලා ඇදගෙන උන්නු සරමට රෑ බීපු ගංජා කැටේ ඉතුරු ටිකයි බීඩි දෙක තුනකුයි ගිනි පෙට්ටියයි දාලා ගැට ගහගෙන කොහොඹ කෝටුවක් හපලා දත් මැද මැද විදානේ උන්දෑගේ ගේ පැත්තෙ ගියේ උදෑනැක්කෙම මාට්ටරේ හෝදලා දාල වැඩ අහවර කොරන්ට හිතාගෙනය. හූණාගේ බයිස්කල් එක විදානේ උන්දෑගේ ගෙදර දමා මාට්ටරේ ඇන්න වාන පැත්තට සේන්දු උනේ වාන ගාව කිසි කරදරයක් නැතුව මාට්ටරේ හෝදාගන්ට පුලුවං හංදා. මාට්ටරේ වතුරට දාන්ට කලියෙං ගෙනාපු ගංජා කොටේ ගහලාම බහිනව කියල හිතාන අරකෙං ඩින්ගිත්තක් බීඩියක ඔතලා පත්තු කෙරුවාය. දවල් වරුවේ හෙම්බත් වෙලා රෑ තිස්සේ කසිප්පු බීලා නටලා නිදි මරලා ඉදපු හූණාට හිස් බඩට ඇදපු පලවෙනි දෙවෙනි උගුරෙන්ම හතරවරං පදමට සූර් උනාය. ඩිංග වෙලාවක් කල්පනා ලෝකෙ තනි වෙච්ච හූණා මේක ඉවරයක් කොරලා දාන්ට හිතලා බීඩියක් පත්තු කොරගෙන මාට්ටරේ ඉස්ටෑට් කොරලා එක පාර තිබිච්ච බෑවුම දිගේ වෑ කන්දේ හෙමිං සීරැවට වෙනදා පුරුදු තැනින්ම වතුර පැත්තට දැක්කුවාය. එක අතකිං බේඩියක් බිබී ඉදිය හූණාට හොදටම සූර් වෙලාය. ඊයේ රෑ හදිසියේ හාන්ට බාපු නගුල උස්සන්ට අමතක වෙලාය. "ජරස් බරස් දඩෝං" පාත්වෙලා තිබිච්ච රොටෙරිය මහ පත ගලක වැදිලා කොන්ටරෝල් නැතුව ගෙහුං වට දෙකක් පෙරලී මහ හයියෙං "ජබෝස්" ගා වාං කටට පතබෑවුණි. ඔලුවේ අත තියගත්තු හූණා කොර කියාගන්ට දෙයක් නිච්චි නැතුව ඇනිකට් එක උඩ ඉදගෙන කල්පනා කොරන්ට උනාය. මේක ගංජා කැටේ ඉතිරි ටිකත් බීඩියක එතුවාය. මේකා දැං වැව දිහා බලාන කල්පනා කොර කොර ගංජා උරයි. උගුරෙං උගුර මේකාට සූර් වෙනවා මිස කිසි දෙයක් කල්පනා වෙන්නේ නැත. මේ අව් අස්සේ පරක්කු මොකෑ බලන්ට විදානේ උන්දෑ හූණාගේ බයිස්කල් කටුවත් ඇන්න වාන ගාවට කිට්ටු උනාය. හූණා ඇනිකට් එකේ ඇණකුටු ගහගෙන වතුර දිහාවේ බලාන මොනවදෝ කල්පනා කොරයි. විදානේ උන්දෑ බයිස්කල් එක මාරා ගහකට හේත්තු කොරලා හෙමිහිට මේකා ලගට කිට්ටු කෙරුවාය.

"මොනවදෑ කොල්ලා ඔය හැට් කල්පනාව"

කතා කෙරුවේ කවුද කිංද මංද වත් නොබලපු හූණා

"නෑ මං මේ කල්පනා කොලේ මේක කොහොමද ගොඩගන්නේ කියල"

හූණා වතුර දිහාවේ බලානම උත්තර දෙයි.

"මොකද්ද බොල ගොඩගන්නේ. ඒක නෙවෙයි, කෝ බං මාට්ටරේ"

වැලමිටේ ඉදලා මැනික්කටුවට යනකං පතුරු ගැහිච්ච අත වතුරට දික් කරලා

"සද්ද කොරන්ට එපා, ආං අතන"

යැයි කියාලා මේකා වතුරේ හීනියට බුබුලු දාන තැනක් පෙන්නපි. පතුරැ ගැහිච්ච අත් ගොබයත් ලේ වැක්කෙරෙන හූණාගේ දනිස් පොල්කටුවත් වතුරේ හීනියට පේන රත්පාට චායාවත් දැකපු විදානේ උන්දෑට වෙච්ච සංතෑසිය නිච්චියට ආවේය. කොරන්ට දෙයක් නැති හංදා මෙවුන්දා හූණාවත් පටවාගෙන ඉස්පිත්තාලෙ ගෙහුං දාල බංඩාරෙ අයියගෙ මහ ටැට්ටරේට කතාකොරලා කේබලයක් දාලා මාට්ටරේ ගොඩ ගත්තාය. පස්සේ දොහක විදානේ උන්දෑ මාට්ටරේ උඩිං පල්ලෙං හදලා ඈත ගං පලාතක එකෙකුට සොච්චමකට වික්කාලු. කොහොමිං හරි අහල ගං හතක එකෙක් මාට්ටරයක් දුන්නේ නෑ හූණට එදායින් පස්සේ.

ඕං ඕකා වැලි කනවා



අතුලා ක්ට්ටියට අල්ලල ගෙහුං හංදම තව ටිකක් මේකගෙ වං හුං ඕං.......

අතුලා කියන්නේ මේ ගං තුලානවල ජීවිතේ හරි අමාරුවෙන් ගැටගහන එකාලට උපහැරණයක්. තවත් මේවායෙ එවුන් එපමනයි. කෝක වෙතත් අතුලා හරි සරල මිනිහා. මුට තිබුනේ රැලේ බයිස්කල් එකක්. ඒකත් ඒකගෙ නෙවෙයි, උගෙ මහ උන්දෑ "පැනියා" මාමයෙ. "අඩේ අතුල අය්යා ගනිංකො හොම්බා කටුවක්".** ගමේ එකාල හොම්බා එක කියැවුවේ මෝටර් බයිස්කල් එකටය. ඉංගිරිස් තබා මලපොතේ අකුරක් බැරි මේකලා කොයි ජාතියේ එකටත් කිවුවේ හොම්බා කියලාය. මට යන්තම් තෙරෙන කාලෙ වෙන්ට එනකොට මෝටර් බයිස්කල් තිබුනේ ගංකොරේ ඩින්ග දෙනෙකුට පමනකි. කිරි අප්පොච්චගේ චැලිය, අප්පොච්චගේ බැන්ලිය, ලොකු ඉස්කෝලේ මහත්තැන්ගෙ ප්‍රෙස් කබ් එක,ග්‍රාම සේවක මාමයෙ සුපර් කබ් එක වාගේ හරි අඩුවෙනි. එව්වා ඔක්කෝම හොන්ඩා කොම්පැණියේ එව්වාය. එකෙක් අලුත්ම එකක් ගේන්ට ගියත් යන්නේ හොම්බා එකක්ම ගේනවා කියාය. අද කාලේ පකිරිස්තන් එව්වා වාගේ නොවෙයි හොන්ඩා සෑම්පලේ එව්වා ඕනෑ ගමනක් බෑ නොකියා අදින්ට දෙයියෝය. හොම්බා එක කොච්චර හදියක් කොලාදෑ කියැව්වොත් කුරුණෑගල මහ ඉස්පිත්තාලෙ හදිසි ප්‍රතිසත්කාර ඒකකේ හොන්ඩා වාට්ටුව කියල එකක් මේ මෑතක් වෙනකල් තිබුනා; බයිස්කල් ඔලිං පතබෑවිලා අතපය කඩාගන්න එවුන් ඇතුලත් කොරන්ඩ.ඒ විතරක් යැ, ගං කොරේ තවත් විගඩං නං බොහෝය. සෙරෙප්පු කුට්ටමට කිවුවේ බටස් කෑලි දෙක කියාය. ලෑන්ඩ් මාස්ටර් එකට කිවුවේ මාට්ටරේ, රේඩියෝ එකට සමහරක් කොළඹ මහත්තැන්ලා වෑර්ලස් කියනකොට අපේ එව්වො කිවුවේ කතා පෙට්ටිය කියාය. කොම්පියුටර් එකට කිවුවේ පීතරේ කියාය)**

"ඔව්වා ගන්ට මට ඇති සල්ලියක් නෑ බං, ඇරත් ඔව්වා පදින්ට ලැයිසං ගන්ට මට විබාග කොරන්ට පුලුව්ං එකක්‍ යැ".

මහ පත ලැගීජියක් සැට් කොරාපු මුගේ බයිස්කල් එකත් හරියට ගොං කරත්තයක් වාගෙයි. ඕනෑ බරක් ඕනෑ දුරක්. උගේ වත්ත පිටියෙ උණත් ඔය විච්චූරණ ගහකොල තිබ්බෙ නෑ. එක ගහක් කොලක් තිබ්බෙ නෑ කන්ට බොන්ට බැරි. තිබ්බනං තිබ්බෙ බුරුත හල්මිල්ල කොහොඹ වාගෙ ගහකොළ. මුගෙ වත්තට මං විට කන්ට මුවාවෙන් ගියෙ මේ ගහකොළ වල ලස්සන බලන්න. මුං තල කුරහං කාලෙට අතුලා ඩ්ංග ඩ්ංග වැව්වාමයි. ඇයි බඩඉරිඟු. මයියොක්කා කොච්චි බුලත් තුන්සිය හැටපස් දවසෙම වරදින්නේ නැත. අතුලා කඩපලෙන් ගෙනාවනං ගෙනාවෙ හුණු දුන්කල පුවක් අඩුවැඩිය ටිකයි මිරිස් තුනපහ ලුණු උවමනා ඩිංග විතරම වෙන්ටෑ මයෙ හිතේ. මුගේ මං අකමැති එකම දේ දඩයම. බෙහෙත් තුවක්කුව ඇන්න වන වැදුණම මේකා ලේනෙක් හරි මරාගෙන ආවේය. ඇයි පිලී දඩයමත් ඊට දෙවෙනි නෑ. බිලී කටු, වීසි දැල, කරක ඇන්න වැවට පැන්නම මාලු මේක හොයාගෙන එන්නෙ. මං හිතන්නෙ මේකගෙ පව්කාරකම. ඉඳ හිට සීල් අරක්කු ඩ්ංගක් තොල ගෑවත් ගානකටය. මොකෑ මුගේ ගෑණි හිට්ලර්ට එහාය. වෙලාවකට මං ඌට එහෙම කිව්වම ඌ අහන්නෙ "මොකාද මලය ඒ හීට්ලෑර්" මං වත් හරියට නොදන්නා හීට්ලෑර් ගැන මං කිවුවේ මෙහෙම. "උඹේ ගෑණි වාගෙම ඒරොප්පෙ හාදයෙක්". අතුලා හම්බු කොරන හැම සතේම පාහේ සමුර්දි බැංකුවේ පොතේ දැම්මේ උගේ කොල්ලාට දවසක දෙන්ට හිතාගෙනය. දැනට දොලොස් අවුරුද්දකට විතර ඉස්සර අතුලාගෙ පැට්යා හතරේ කැලෑසියෙ වෙන්ට ඕනෑ මයෙ හිතේ. අතුලා නූගත් උනාය කියලා ගමේ අනික් එවුන් වාගේ කසිප්පු බීගෙන නැටුවේ නැත. ඌත් උගේ ගෑණිත් හම්බකරන කීය කීයම හරි කොල්ලා වෙනුවෙන් ඉතිරි කලේය. "අපි විදින දුක් මයෙ කොල්ලා විදිනවට මං කැමති නෑ ලොකු මලේ"

අතුලාගේ ගෑණි සිදාදියේ විකිරිස්තන් ගෑණු වායේ සෝබන දැම්මේ නැත. වත්තෙ පිටියේ ගොවිතැන බලා කියා ගත්තේ ඒ අක්කාය. ඒකී පං ගෙතිල්ලට උපං හපණී. මාගල් පැදුරු වට්ටි පෙට්ටි හරි අගේට වියයි. එහෙව් වියමං සිකුරාදා ඔපීසි වත්තේ පොලට ගෙනහුං වික්කාය. අම්මා වට්ටි ගත්තේම සුමණා අක්කා ගෙණි. අම්මා කොනක ඉඳ කූරු ඇද බලා ගන්නේ හොදම එකය. ඒ ගත්තත් වැඩිපුර කීයක් හරි දෙන්නේ "පුංචි එකාට පොතක් පතක් අරං ගෙහුං දීපං කියාය". අතුලා සුමණා අක්කාට කුලී වැඩට යන්ට දුන්නේ නැත. "පුංචි දා ගෙනාපු ගෑණි නෙවැ මලේ, ඒකිගෙං වැඩ ගන්ට හිත දෙන්නේ නෑ " මේකා ගෑණිට ආදරෙයි කියන්ට ලැජ්ජා ය. ලෙන්ගතුකම කීවේ ඔහොමය. සුමණා අක්කා වියාපු හැඹිලියක් මයෙ පරණ ඉස්කෝල පොත් පෙට්ටියේ තාමත් ඇති මයෙ හිතේ

කෝක වෙතත් අප්පොච්ච අමුණෙ කොන්ත්‍රාත්තුව හොදට කොලාය කියාල දිසාපති කන්තෝරුවෙන් උන්දෑට තවත් කොන්තරාත්තුවක් බාරදී තිබුණ වැව් බැම්මේ සලපණාව එකලස් කොරන්ටයි මංකඩ ටික බඳින්ටයි. අතුලා ඉතිං අප්පොච්චගේ හොද හිතවත් ගෝලය හංදම මේකත් මෙතෙන්ට ඈදුණ. අගෝස්තුවේ ඉඩෝරෙ අල්ලල වැවේ වතුර ටික මංකඩ කෙරෝලෙං හේලං වෙච්ච වංගියෙ මංකඩ පඩි බදින්ට පටං ගත්ත. මේ අව් අස්සේ තමයි වැව පාමුල ගෙදර ටයිං උන්දෑ මෙතෙන්ට සැට් උනේ. ටැයිං උන්දෑ වචන දහයක් තෙපලෑවොත් හත අටක් ම කුණු හබ්බය. මුන්දෑට ඇහෙන්ට ටයිමා කීවොත් පෙලපත් හත අටකට සිවං අරියි. මුන්දෑ රේල් ඉස්ටේසමේ ටයිම් කීපර් රස්සාව ටික කලක් කොලාලු. බීමත් කම හංදා මෙවුන්දාව දොට්ට දමා ඇතිබව අත්තම්මා කීවා මතකය. කොල්ලො කුරුට්ටො අපි දෙවට පාරෙ අකුල් කැට ඔලට මුවා වෙලා මහ හයියෙන් "ටයිමා" කීවේ රස වෑහෙන වදන් අහන්ටමය. වයස හැත්තෑවක් විතර වෙන්ට එනව ඇති මුන්දෑට. මුන්දෑ කොරන්නේ වැලි ගොඩේ ඇණ්කුටු ගහගෙන ගල්ගිරියා කන්ද දිහා බලාන ආණ්ඩුවේ ඇද කීමයි. දේසපාලණේ වහකදුරු වෙච්ච අප්පොච්ච කට පියාන උන්නේ මුන්දෑ පාලු කපන හංදා. ඔය වාගේ දවසක මං උගුරැස්ස අහුරක් කොට කලිසං සාක්කුවේ දාගෙන ගොඩවෙච්චි වෑ කන්දට. අප්පොච්ච ගෝල බාලයො එක්ක බිම්බලාන වැඩය. ටයිං උන්දෑ වැලි ගොඩේ ඉදගෙන මොනවාදෝ කියවයි. මමත් ගෙහුං කුබුක් ගහට හේත්තුවක් දාගෙන ඈදිගත්තේ හීතල හුලං පාරට මූණ හරෝගෙනය. හුලං පාර ආවේ එක එක රිද්ම වලටය. ගල්ගිරියා කන්දේ දෙබුක්කා වල ඇඹරි වෙල් යාය දිගේ වැව් පිටියේ තෝර ගොල්ල නළවගෙන ඇවිදිං වෑ දිය නිල්ල පීරාගෙන ඇඟේ වදිනකොට හීතලට හිරිගඩු පිපෙයි. ඔය වාගෙ දාන්ගලෙං හමාපු හුලං රැල්ලක් ටයිං උන්දෑගේ සරං පොට එහා මෙහා කොරල. "කල් යන්ට ඕනෑලු කරවිල වැටකොලු වැලෙං එල්ලෙන්ට". නේන්නං බොලං, ඉඩෝරෙ වේලිච්ච කරවිල කරලක් වගෙ මුන්දෑගේ අහවල් එක එලියට පැනලා. ශ්‍රී නම්බර් මුන්දෑගේ සෙංසර් ඔක්කෝම ගෙවිලදෝ මංදා වැලි ගොඩේ ඇතිල්ලෙනව වගේ වගක් නෑ. දැං කොහොමෙයි මෙවුන්දාට මේක කියන්නේ. ඕක කියන්ට ගිහිං අමු තිත්ත කුණු හබ්බ අහගන්ට වෙනවා සත්තයි. වෑ කන්ද පාරෙන් බවලතෙක් ගෑණු දරුවෙක් එහා මෙහා වෙන්ට කලියෙන් කියන්ටත් ඕනෑ. "අතුලා අයියා, වරෙන්කො උඹට උගුරැස්ස ගෙඩියක් දෙන්ට"
"එපා මලේ, මයෙ කටේ විටක්"
"මෙහාට වරකො කිව්වහම" දකුණු ඇහැ පොට්ට කොරල කිව්වෙ. ඒ පාර ඕං මෙකට තේරුනා.
"මොකෑ බොලං මලේ"
"අර බලකො යකො ටයිං උන්දෑ අහවල් එක එලියෙ දාගෙන, කොහොමැයි මුන්දෑට මේක කියන්නේ"
"ඔහෙ හිටුකො බලන්ට" අතුලා දත් විලිස්සාගෙන බක බක ගාමින් ටයිං උන්දට කිට්ටු විය.
"අඩේ අත්තෙ, ඕං ඕක වැලි කනව".
"මොකාද බොල?".
"ඔය තලගොයි නාම්බා"
"මොන තලගොයි නාම්බද බොල?".
"ඒ අඩේ ටයිං අත්තේ, ඕං ඕකා". කියා අතුලා හීං වැලි අහුරක් අදාල ඉස්තානෙට විසික්කොලා පමනකි.
තෙගෙ අප්@# $%&*-=%@$ අවලං බල්ලා, තෙගෙ අම්@#$@# #&$* බොල උප්පැන්නෙ දුන්නේ, තොගෙ හම ගලවනවා මං අද පැනියාගෙ @#යා......................................තවතවත්...
අතුලා පිම්මේ දෙකේ ඈතට දිව්වේය.

වැඩ පාලු කොරාපු හංදා අප්පොච්ට ඌරු ජුවල් වෙලාය. "පල ගෙදර ගස් බල්ලා"
අප්පොච්ට යකා නැග්ග වේලාවට හීං සැරේ පල්ලං බහින එක තමා හොදම වැඩේ බව දන්නා හංදම
"නෑ මං මේ යන්ට තමා හැදුවෙ". කියාපු මං අඩියට දෙකට නැවතුණේ ගෙදරමය.

බකුයි බකු මාලුයි හැමනුයි



වන්නි හත්පත්තුවේ එක්තරා ගම්මානයකි, මෙව්වයෙ ඉන්න එවුන් එදා වේල හම්බුකොරගෙන කාල, කාට කාටවක්වත් අසානාසියක් නොකර සාමෙං විනෝදෙං දිවි ගැටගහන එව්වෝය. වන්නියෙ එව්වොන්ට තිබුනේ අපූරැ නම් ගම්‍ ය. පනස් ගනං වලිං එහා පැත්තෙ උන්දලාගෙ පෙලක් නං කනේ වැටෙනකොට බඩ බුරුල් වෙන්ට හිනා පහල වෙන විකාර විදියේ එව්වාය.
මේ කියන්ට තෙපර බෑවේ අතුලා ගැන ය. මට මතකේ හැටියට මේකට 36කට කිට්ටු වෙන්ට ඇති. මේක පෙලවහක් කරගන්න වන්ගිය වෙනකොට මුට යන්තං 16යි ලු. ගෑණි මුට දෑ අව්‍ රැද්දකට බාලයි. හැම එකාම පාහේ අතුලා කිව්වට මුරිච්චි වෙන හැම වන්ගියෙම අතුල අය්යා කියා කට පුරා කිව්වත් ඒ හැම වන්ගියෙම "අතුලා කියපං මලේ" කීම මුගේ පුරුද්දයි. "යකෝ අතුලා කියල නමක් නෑ බොලං, තොගෙ නම අතුල". කියා කී විට, බුලත් කෙල වැක්කෙරෙන ලොම්බ දත් තද කොරගෙන "ඕනෑ පුකක්" කියයි. වන්ගියක විටක් සප්පයම් වෙන්ට මේකගෙ පැලට ගොඩ වෙච්ච වෙලාවක ඉස්තෝප්පු කෙරවල තිබිච්ච ට්‍රන්ක පෙට්ටියක් ඇද, බොරපාට කරදහියක් මයෙ අතේ තියපි. "වලාමයි, මේ උඹේ උප්පැන්නෙ නෙවැ". නෙන්නං මේකගෙ උප්පැන්නෙ තියෙන්නෙත්, "කරගම රාලගේ අතුලා" කියාය. යටි හිතෙන් හිනහ ගියත් මුගෙ පියගේ නම දැක්කම මට කම්පනා උනේ "ඇති ඔයින් ගිය" කියායි. ..."කරගම රාලගේ පැනියා"

ඉඳියාය වෙල්‍ යාය ගමේ පරවේණි ඉඩං කාරයන්ගේ එව්වාය. ගමට බින්න බහින එව්වොන්ට කොටාගන්ට හැට ගනන් වල රිසිවේසං ඉඩං අක්කරේ ගානෙ අස්වද්දල තියෙනව. මෙව්වාට වතුර පාර ගන්ට මහ වෙල් යායෙ කුණු ඇලයි, වාං ඇලයි ඈඳලා මහ අමුණක් බැඳලා. දැනට දොලොස් අව්රැද්දකට විතර කලිං වන්ගියක ගොවි සංවිධානයේ මැදිහත්වීමෙං ප්‍රාදේශීය සභාව හරහා කොන්තරාත්තුවක් එනව මේ අමුණ ප්‍රතිසංස්කරණය කොරන්ට. ගොවි සංවිධානෙ සභාපති වෙච්චි අපේ අප්පොච්ච තමයි මේක බාරගෙන කොරන්ට ගත්තේ. මේ අල්ල පනල්ලේ අතුලා මෙතන අත්වැඩට ඇවිත්. මුගේ කෘන්තක රදනක දත් හතරම කට ඇතුලට වඩා තියෙන්නේ එලියේය. ඒ මොකෑ උගෙ දත් ලොම්බ ය. කතා කොරන වචන වලින් බාගයක් අහෙන්නේ "පොහ්" කියාය. ඒ මදිවාට මේකාගේ කටේ විට හපේ වරදින්නේ බුදි පැදුරේදීත් පොඩි එකාගේ ඉස්කෝල රැස්වීම වේලාවේත් පමනකැයි ඌම කියයි. ඉතිං මේ කොන්ත්‍රාත් වාඩියේ කන්ට එතනම උයා ගන්ට වෙයි. වාඩියේ උයන බත් මාලුවල රහ ගලදාරි හෝටලේ කුකාලට අල්ලන්ට බැරි බව කිරි අපොච්චි කිව්වෙ කට කහනවට නෙවෙයි කියල මට ඒත්තු උනේ මේ වාඩියෙන් කාලාය. අතුලා දුන්නේ අත් වැඩය. 12 වෙන්ට එනකල් අත් වැඩ දී මූ උයන්ට නිදහස් වෙයි. අත පය දමා උයනවදෝ මන්දා මේකා උයන එව්වා පුදුම රහය. ඒ හන්දාම ඉස්කෝලේ ඇරිච්ච ගමං ගෙදරට ගොඩ වෙන්නෙ කිරි අප්පොච්චගේ චැලියේ වාඩියට යන්ට බලානය. "ඕං යනව අතුලගේ විට මැල්ලුං කන්ඩ". මොකද අතුලා විඩෙං විඩේ නියපොත්ත දමා ලොඹු දත් අස්සේ හිරවෙන පුවක් කෑලි ගලවනවා අම්මා දැක ඇති නිසාවෙනි. අම්මා හැම්දාම කොලොප්පමට බැන්නට, "මේ හැල්මට් එක දාගෙන යන උලව්වක" කියන්නේ තියෙන ලෙන්ගතු කමටමයි. ඒ ගියත් බත් කා අහවර වෙලා අතුලගෙ විට මල්ලට අත තියනකොටම අප්පොච්ච මුචලින්ද නාගරාජයා වගේ කිපෙයි. "ඈ බොල ගස් බල්ලො, තොට පොත්පත්ඔල වැඩ නැද්ද, ඔය විට හපල කොහොමද බොල ඉංගිරිස් කියවන්නෙ, අතුලා වගේ පොහ් පොහ් ගාන්ට තමා වෙන්නෙ". මට්ටම් ලීයේ රස දන්නා හන්දාම කෝලිත්තම් හිනවක් දාල "මං මේ යන්ට තමා හැදුවෙ" හනික විටක් කා පිම්මේ නවතින්නේ ගෙදරමය. මොකෑ උන්දෑට කේලම් කනේ තියන්ට ගමේ උන් අතපය හෝදාගෙනය.

ඉතිං ඔයවගේ දොහක ගොඩඋනා වාඩියට කන්ට බලාගෙන. එදා ඩින්ගිත්තක් උයන්ට පරක්කු වෙලාය. මොකෑ ඇනිකට් එකේ කොන්ක්‍රීට් එක දමා අහවර කොරලාමයි වැඩ නිදහස් කොරල තිබුනෙ. අතුලාට උයන්ට අනික් උනුත් උදව් කොරන හැට් මං අමුණට පාත් වෙච්ච මිදෙල්ල අත්ත උඩට වෙලා කකුල් වතුරේ පද්දමින් බලාන උන්න. වාඩියේ උයන්ට ගෙනාවේ තදියමෙං උයගන්ට පුලුවං එව්වාය. අල,ලූණු,කරෝල,බටු,මිරිස්,තක්කාලි වගේ තෙල් ඩින්ගක් දාල දෙපැත්ත පෙරලල ගන්ට පුලුවං ජාති. කලාතුරකිං වැව් මාලු, කුකුල් මස් ගෙනෙයි. ඒ ගෙනාවත් පඩි දවසටය. මොකෑ එව්වාට වේලා ගතවෙන හන්දාය. බොහෝමයක්ම ගෙනාවේ සැමන් ට්ං ය. කෝක වෙතත් කාට කාටත් එදා බඩකිණි ඉහවහ ගොහිං. අප්පොච්ච කණ්ණාඩි කුට්ටම නාස්පොල්ල අගට අරගෙන වැඩ අයගේ නං ලකුණු කොරයි. උන්දෑ නිකට කහමිං විඩෙං විඩේ උයන ගෙයි දිහා බැලුවේ බ්ඩකිණ්න ඉහවහාම ගෙහුංය. "ඔව්වා ගනියව් යකො මෙහාට කන්ට, බඩවැල් පෙරලෙනව බොලව්"
"ඉඳිං මාමෙ මේ බෙදනව" අතුලා දනිපනිගා මුදුං හැංද බෙදා අප්පොච්චට අරගෙන ආවේය.
"ඇති යන්තං", අප්පොච්ච හුස්මක් ඇරං අහපි අතුලාගෙං " මොනාද බං අද ඉව්වෙ"
"මාමා බකුයි, බකු මාලුයි, හැමනුයි" අතුලා කිව්වේ වචන තුනකි. විට හපේ ලොඹු දත් අස්සෙන් ලිස්සා පොහ් ගා අප්පොච්චගේ බත් පතේ වටිණි. ඒ දුටු අප්පොච්ච හොම්බ අබුල් කර අතුලාගේ බයාදු මූණ බැලුවේ කොරකියාගත දෙයක් නොමතිවයි.
අතුලාට පොහ් ගා ආයෙත් කියවුණි "හුටා", විට හපේ ඉතිරිය අප්පොච්චගේ උඩු රැව්ලේ වැදිණ. අප්පොච්චට ගූ බය මට උන්හිට් තැන් අමතක වී හිණා පහල විය, වාරුවට අල්ලාගෙන උන් මිදෙල්ල අත්ත ඇත ඇරැණි. "ජබොහ්"ගා මඩවතුරේ පතබෑවුණි. වෙචච නවනින්ගිරහවට අඩියට දෙකට වේල්ලට ගොඩවුනාට මුලු ඇගම මඩෙං වැහිලාය. හරියටම ගොඩදාපු කාවයියෙක් වගේය. අප්පොච්ගේ රෙව්ලේ පුවක් කෑලි වලට මට හිණා,
මාව දැකල උන්දැට හිණා, අපි දෙන්න දිහවෙ බලං මුලු වාඩියටම හිනා......!